කටුවාන ගින්නට පිරිසක් කොටු වී ඇත්දැයි සැකයක් - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්- [UPDATE]

By Kanchana Jul 21, 2026 07:15 AM GMT
Report

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නට පිරිසක් කොටු වී ඇද්දැයි සැකයක් උද්ගතව තිබේ අද (21) උදෑසන ගින්න හට ගෙන තිබූ අතර මේ වනවිටත් ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටී.

ගින්න ආරම්භ වූ මොහොතේ එහි සිටි පිරිසක් පුද්ගලයෙකු විසින් බේරාගෙන ඇත තමන් එහි සිටි පිරිසක් එක් දොරටුවකින් එළියට රැගෙන ආ බවත් තවත් පිරිසක් පිටුපස දොරටුවෙන් ඉවතට යන්නට ඇති බවට සැක පළ කරන බවත් ඔහු මාධ්‍ය වෙත සදහන් කරයි.

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමාට ඒ දෙසට යෑමට අවශ්‍ය බවද ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබේ.