කටුනායක අධිවේගී මාර්ගයේ කෝටි ගණනක අමුතුම හොරකමක් - විගණන වාර්තාවෙන් දැවැන්ත වංචාවක් එළියට

Report

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි සහ විදුලි පහන් කණු ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධි රැසක් වාර්තා වී ඇති බව 2024 වසරට අදාළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර ඇත එම වාර්තාවට අනුව 2021, 2022 සහ 2023 යන වසර තුන තුළ අධිවේගී මාර්ගයේ සොරකම් සිද්ධි 100ක් වාර්තා වී තිබේ.

  ඉන් සොරකම් 11ක වටිනාකම රුපියල් මිලියන 580ක් ලෙස ගණනය කර තිබුණි . ඒ වගේම අනෙකුත් සොරකම් 89හි වටිනාකම හඳුනාගෙන නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කර තිබේ.

මාර්ගයේ විදුලි රැහැන් පද්ධතිය සැලසුම් කිරීමේදී මධ්‍ය තීරුවේ එලා ඇති විදුලි රැහැන් සම්පූර්ණ කොන්ක්‍රීට් ආවරණයකින් තොරව, අඩි 3ක පමණ අර්ධ වෘත්තාකාර විෂ්කම්භයක් සහිත හියුම් පයිප්ප මගින් අර්ධ වශයෙන් ආවරණය කර තිබූ බවද හෙළිවී තිබේ

මේ හේතුව නිසා විදුලි රැහැන් ඉතා පහසුවෙන් කපා ඉවත් කර ගැනීමට හැකි තත්ත්වයක් පැවති බව ක්ෂේත්‍ර පරීක්ෂාවේදී නිරීක්ෂණය වී තිබේ

විගණන වාර්තාව පෙන්වා දෙන්නේ පළමු සොරකම වාර්තා වූ 2021 වසරේ සිට සුදුසු ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා නොදීම සහ වගකිව යුතු අධීක්ෂණ නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සොරකම් අඛණ්ඩව වර්ධනය වී ඇති බවයි .

තවද, අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් 10 සඳහා සිදුකර ඇති ඇස්තමේන්තුව සමඟ සැසඳීමේදී සම්පූර්ණ මාර්ගයේ හානි පූරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 1,770 ඉක්මවන බවද වාර්තා වී තිබේ .

මෙම සොරකම් සහ හානි සඳහා වගකිව යුතු පුද්ගලයින් හඳුනාගෙන ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව විගණන වාර්තාව වැඩිදුරටත් සදහන් කර තිබේ.

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්