ඉදිරියේදී ගුවන්තොටුපළ වැසෙයිද? වෘත්තීය සමිති සභාපතිගෙන් ප්‍රකාශයක්
By Dhananjaya
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කටුනායක ගුවන්තොටුපළේ සේවකයින් අද දහවල් ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
එම අවස්ථාවේදී ගුවන්තොටුපළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වසර හයක සිට වැටුප් වැඩීමක් ගුවන්තොටුපළ සේවිකයන්ගේ සිදුවී නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම වෘත්තීය සමිතියේ සභාපතිතුමා කියා සිටියේ වැටුප් වැඩි නොකළ හොත් ලබන ජනවාරි 3 වැනිදා සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.
