අවදානම් තත්ත්වයක් කතරගම බැතිමතුන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

Report

මොනරාගල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ, වාන් දොරටු විවෘත කිරීමේදී දෙකක් ඝන අඩිය බැගින් සහ හතරක් අඟල් හය බැගින් විවෘත කළ බවයි.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා මැණික් ගඟ පිටාර මට්ටමට ළඟා වී ඇති බැවින්, කතරගමට පැමිණෙන බැතිමතුන් අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත.

වාහන ආනයනය ඉහළට

වාහන ආනයනය ඉහළට

මේ හේතුවෙන් මැණික් ගඟ දෙපස ජනතාව සහ කතරගම, සෙල්ලකතරගම පූජා භූමියේ බැතිමතුන් මැණික් ගඟ පරිහරණයෙන් වළකින ලෙසද දැනුම් දී තිබේ.

එම අතර, වැල්ලවාය අලිකොට ආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා වැල්ලවාය වේවැල්කදුර මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වී ඇත.වැල්ලවාය ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනය සමඟ අලිකොට ආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්