කතරගම දේවාලයට අදාල ඉඩමක් සම්බන්ධයෙන් වහාම තීරණයක් ගනී..
කතරගම දේවාලයට අයත් අක්කර 550 ක ඉඩමක් බදුගත් පෞද්ගලික සමාගමක් එම ඉඩම තෙවැනි පාර්ශ්වයකට බදු දීම නිසා අදාළ පෞද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම වහාම අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.
ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයකින් නීත්‍යනුකූල නොවන පළිබෝධ නාශක විවිධ මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එන බවත්, ඒවා සීමා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සඳහන් කළ පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රධානී කෘෂිකර්ම විද්‍යා ආචාර්ය ජීවනී මාරසිංහ, ඊට අදාළ නීති දැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි පැවසුවේ.
‘‘පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ යම් පළිබෝධ නාශකයක් මෙරටට ආනයනය කරන තැන සිට එය භාවිත කරන තැන තෙක් නීති සකස් කර තිබෙනවා.
එලෙස ආනයනය කරන කෘෂි රසායනික ද්‍රව්‍යවල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි ඒවා භාවිත කිරීමට අවසර දෙන්නේ.
නමුත් එක් සාම්පලයක් පරීක්ෂා කරන්න රුපියල් 50,000 ක් විතර වියදම් වෙනවා.
ඒ නිසා මෙරටට ගෙන එන සෑම කෘෂි රසායනික ද්‍රව්‍යයක්ම පරීක්ෂා කිරීමට අපහසු වී තිබෙනවා ’’ යැයි ඇය සඳහන් කළාය.
‘‘රටේ ගොවීන් විශාල පිරිසක්, හොර පාරෙන් ලංකාවට එන පළිබෝධ නාශක පාවිච්චි කරනවා. යම් වගාවකට පළිබෝධ නාශක ඉසිය යුතු මාත්‍රාව නිසි පරිදි නොදත් ගොවීන් තමන්ට හිතෙන පරිදි එම ද්‍රව්‍ය ඉසිනවා.
මේ පිළිබඳව ග්‍රාමීය ගොවි ජනතාව දැනුවත් කළ යුතුයි. නිසි ප්‍රමිතියකින් තොරව නීති විරෝධී පළිබෝධ නාශක ද්‍රව්‍යන් මෙරටට ගෙන්වන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල් වැඩි කිරීමටත්, ඊට අමතරව සිර දඬුවම් නියම කිරීම දක්වාත් නීති දැඩි කිරීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතයි.’’ යනුවෙන් ද ජීවනී මාරසිංහ වැඩිදුරටත් සඳහන් කළාය.
You May Like This Video