කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තේරීමේ නිලවරණය අද

Report

 ඓති­හා­සික රුහුණු කත­ර­ගම මහ දේවා­ලයේ 13 වැනි බස්නා­යක නිල­මේ­ව­රයා තෝරා පත් කර ගැනීමේ නිල­ව­ර­ණය අද පැවත්වීමට නියමිතව තිබේ.

ඒ මොන­රා­ගල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ දී අද (09) පෙර­වරුවේ බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රාල් ගාමිණී සේනා­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේදීය.

ඒ වගේම කත­ර­ගම වැඩ­බ­ලන බස්නා­යක නිල­මේ­ව­රයා ලෙස කට­යුතු කරන දෙවි­නු­වර මහා විෂ්ණු දේවා­ලයේ බස්නා­යක නිලමේ වන තිළිණ මධු­සංඛ මහ­තාද මෙවර නිල­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අතර ව්‍යාපා­රි­ක­යන් කිහිප දෙන­කුද ඉදි­රි­පත් වීමට සූදානම්ව ඇත.

ඒ වගේම බෞද්ධ විහාර හා දේවා­ල­ගම් ආඥා පනත 8(2) වග­න්තිය අනුව බස්නා­යක නිල­මේ­ව­ර­යාගේ ධුර කාලය අව­සන් වූ පසු දින 90ක කාල­යක් ගත­වී­මට පෙර බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා විසින් බස්නා­යක නිල­මේ­ව­ර­යකු තෝරා පත්කර ගැනීමේ තේරීම් මහ සභා­වක් රැස් කළ යුතුවේ.

ඉන්පසු මාස­යක කාල­යක් ලබා දී නිල­ව­ර­ණය පවත්වා බහු­තර ඡන්ද­යෙන් පත්වන පුද්ග­ලයා ඉදිරි වසර 05ක කාල­යක් සඳහා කත­ර­ගම මහ දේවා­ලයේ බස්නා­යක නිල­මේ­ව­රයා ලෙස පත් කළ යුතුයි.

තවද කත­ර­ගම මහ දේවා­ලයේ බස්නා­යක නිල­මේ­ව­රයා පත්කර ගැනීම සඳහා වන ඡන්ද ගණන 17 කි.

බස්නා­යක නිල­මේ­ව­ර­යකු පත් කර ගැනීමේ ඡන්දයේ දී කත­ර­ගම කිරි­වෙ­හෙර රජ­මහා විහා­රය, ශ්‍රී අභි­න­වා­රාම විහා­ර­ස්ථා­නය, වැඩ­සිටි කන්ද රාජ­මහා විහා­රය, සෙල්ල­ක­ත­ර­ගම මහ­සෙන් රාජ­මහා විහා­රය යන විහා­ර­ස්ථාන තුනද ඡන්දය ප්‍රකාශ කරනු ලබයි .

මීට අම­ත­රව මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් 11 දෙනාගේ සහ කත­ර­ගම දේවා­ලයේ ඡන්ද­ය හා කොට­බෝව කුඩා කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිල­මේ­ව­ර­යාගේ ඡන්දය ද එයට ඇතුළත් වේ .

ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට

ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට

මෙහිදී කාන්තා ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්ට මේ සඳහා ඡන්දය ලබා දිය නොහැකිය.

ඒ අනුව ඡන්ද බලය හිමි­වන්නේ පිරිමි ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්ට පම­ණකි.

ඒ වගේම පසු­ගිය ඔක්තෝ­බර් 22 වැනි­දා­යින් හිටපු බස්නා­යක නිලමේ ඩිෂාන් වික්‍ර­ම­රත්න ගුණ­සේ­කර මහ­තාගේ නිල කාලය අවසන් විය.  

සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි

සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි