CID යෙන් පිටව වැඩිය කිරිවෙහෙර විහාරාධිපති (VIDEO) (UPDATE)

CID - Sri Lanka Police Sri Lanka Police Kataragama Temple Sri Lanka
By Akash Mar 11, 2025 06:18 AM GMT
Akash

Akash

Report

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ඉන් පිටව ගොස් තිබේ.

අද (11) පෙරවරුවේ උන්වහන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පැය 7කට පසු උන්වහන්සේ ඉන් පිටව ගොස් ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව උන්වහන්සේට මෙම කැඳවීම සිදුකර තිබුණි.

මේ අතර මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිශාන් ගුණසේකර මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ දිනයේදී පැමිණියේය.




-------------------------------

සී.අයි.ඩියට කැඳවීමක්... හදිසියෙන් වැඩිය හිමිනම? 


කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ කැඳවා ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඒ කතරගම කිරිවෙහෙර පූජා භූමියේ ඉදි කරමින් පවතින නිවාසයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමටයි.

අදාළ නිවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිකරන්නක් බවට ලැබී ඇති පැමිණිලි මත විමර්ෂණ සිදු කෙරෙනවා.

දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!

දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!





ReeCha