කතරගම බස්නායක නිළමේ CIDයට

By R.rishma Mar 10, 2025 06:06 AM GMT
Report

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (10) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා සිදුකළ දැනුම්දීමක් අනුවය.

මාධ්‍ය වාර්තා කළ තිබුණේ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ කාමන්ත ජයමුණි විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි.

‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ අරමුදලින් ඉදිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා පළ වුණා.

මේ අතර, කතරගම බස්නායක නිලමේවරයාගේ මාතර පිහිටි මහගෙදර ඊයේ (09) රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරික්ෂාවට ලක් කර තිබෙනවා.