කරුණා සහ පිල්ලයාන් සුවර් නැහැ... දෙන්නම අපරාධකරුවන් (VIDEO)

Report

පිල්ලයාන් සහ කරුණා අම්මාන් යන දෙදෙනා සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අපරාධ රැසකට සම්බන්ධ ඔවුන් හිටපු කොටි සාමාජිකයන් බැවින්, ඔවුන් සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවයි ඒ මහතා කියා සිටියේ.

පාස්කුව හෙටයි...අතුරුගිරියෙන් උණ්ඩ මතු වෙයි...අපරාධයක සැලැස්මක්ද?

පාස්කුව හෙටයි...අතුරුගිරියෙන් උණ්ඩ මතු වෙයි...අපරාධයක සැලැස්මක්ද?

පෞද්ගලික රුපවාහිනී නාළිකාවක පැවතී වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් ලබා දුන් රහස් වාර්තාව රට හමුවේ හෙළි කරනවාද, නැද්ද කියා ආණ්ඩුව තීරණයක් ගත යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඇමරිකාවේ (සී.අයි.ඒ) සංවිධානය නිකුත් කරන ලද වාර්තාවකට අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වන්නේ (අයි.එස්.අයි.එස්) සංවිධානය බව ඒ මහතා පෙන්වා දී තිබුනා.

ඕඩර් දුන්නේ පාතාලයේ ආබ්‍රේව්...ගෙන්නාගෙන තියෙන්නේ අයිස් දෙන්නම් කියලා

ඕඩර් දුන්නේ පාතාලයේ ආබ්‍රේව්...ගෙන්නාගෙන තියෙන්නේ අයිස් දෙන්නම් කියලා

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ආණ්ඩුව වසන් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලබා දුන් රහස් තොරතුරු රට හමුවේ තැබීමේ වගකීම ඇත්තේ තමන් සතුව නොව ආණ්ඩුව සතුව බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.