බ්‍රිතාන්‍ය රජය සම්බාධක පැනවීම දේශපාලන නාටකයක් - කරුණා අම්මාන්ගෙන් චෝදනා

Karuna Amman Sri Lanka United Kingdom Sinhala news
By Dilasha Mar 27, 2025 04:09 PM GMT
Dilasha

Dilasha

Report

තමා හට බ්‍රිතාන්‍ය රජය සම්බාධක පැනවීම දේශපාලන නාටකයක් බව කල්කුඩා මැතිවරණ කොට්ඨාසයේ පැවැති දේශපාලන රැස්වීමකට එක්වෙමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා,

“ බ්‍රිතාන්‍ය රජය මාව තහනම් කළා. එය මීට පෙර කිසිදා සිදු නොවූ ක්‍රියාවක්. මේක දේශපාලන නාටකයක් කියලා මම කියනවා. 2006දී මාව බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට අරගෙන මාස 8ක් සිරගත කළා. එහිදී සොයා නොගත් චෝදනාවක් බ්‍රිතාන්‍ය රජය දැන් සොයාගෙන තිබෙනවා. ඒ වෙලාවේ ආණ්ඩුවට මොනවගේ දෙයක් ද කරන්න පුළුවන්කම තිබුණේ. නමුත් ඔවුන් මාව රාජකීය ගෞරවයෙන් කටුනායක ගුවන්තොටුපොළට ආරක්ෂිතව අරන් ආවා. මේ සියල්ල නැගෙනහිර දෙමළ ජනතාවගේ පැවැත්ම කොල්ලකෑමේ උත්සාහයක් බව කියන්න පුළුවන්. ඇතැම් අය මේ සඳහා සහයෝගය දෙනවා. ‘ඵල දරන ගසකට ගල් ගහනවා’ කියන පරිදි ජයග්‍රහණයේ ලකුණ දෘශ්‍යමානයි.”

පසුගිය සඳුදා දිනයේදී මෙරට සිවිල් යුද්ධය පැවති කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය වීමේ චෝදනාව මත හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවනු ලැබූ අතර ඊට අමතරව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර පළාත භාර හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ද එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබුණු බව වාර්තා වේ. 

Trending News

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

ReeCha