ඉන්දියාවේ ජාතික ධජ හැදෙන කර්ණාටකය පුංචි ගම්මානයේ ත්‍රිවර්ණ ධජය නිපදවන හැටි මෙන්න

Report

ඉන්දියාවේ ජාතික ධජය වන ත්‍රිවර්ණ ධජය නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී වගකීමක් දරන කර්ණාටක ප්‍රාන්තයේ කුඩා ගම්මානයක් පිළිබඳව මේ දිනවල අවධානය යොමුව තිබේ.

හුබ්බල්ලි ආසන්නයේ පිහිටි බෙන්ගේරි ගම්මානයේ පිහිටා ඇති Karnataka Khadi Gramodyoga Samyukta Sangha (KKGSS) ආයතනය ඉන්දියාවේ ජාතික ධජය නිෂ්පාදනය සහ සැපයීම සඳහා නිල අවසරය ලැබූ ආයතනයකි.

2004 සිට ජාතික ධජ නිෂ්පාදනය

ධාර්වාඩ් දිස්ත්‍රික්කයේ පිහිටි KKGSS ධජ නිෂ්පාදන ඒකකයට 2004 වසරේදී ඉන්දියාව පුරා ජාතික ධජ නිෂ්පාදනය කර සැපයීම සඳහා සහතික කිරීම සහ නිල අවසරය හිමිව තිබේ.

මෙහිදී නිෂ්පාදනය කරන ධජ Bureau of Indian Standards (BIS) මගින් නියම කර ඇති ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය. ධජයේ ප්‍රමාණය, රෙදි වර්ගය, වර්ණ, නූල් ප්‍රමාණය මෙන්ම අශෝක චක්‍රයේ නිවැරදි පිහිටීම ද දැඩි ලෙස පරීක්ෂා කෙරේ.

ගුවන් යානයේ එන්ජිමෙන් ලෝහ කැබලි ගැලවී මගියෙකු අනූනවයෙන් බේරුණු හැටි පරීක්ෂණයෙන් හෙළි වෙයි

ගුවන් යානයේ එන්ජිමෙන් ලෝහ කැබලි ගැලවී මගියෙකු අනූනවයෙන් බේරුණු හැටි පරීක්ෂණයෙන් හෙළි වෙයි

අතින් නිපදවන කාදි රෙදි

සාම්ප්‍රදායිකව මෙම ජාතික ධජ නිෂ්පාදනය සඳහා භාවිත කරන්නේ අතින් කටින ලද සහ අතින් වියන ලද කාදි රෙදි ය. කර්ණාටකයේ කාදි නිෂ්පාදන මධ්‍යස්ථානවලින් ලබාගන්නා කපු නූල් භාවිතයෙන් නිෂ්පාදනය කෙරෙන මෙම රෙදි සකස් කිරීම සඳහා පුහුණු ශිල්පීන් රැසක් දායක වෙති.

වාර්තා අනුව, මෙම ආයතනය සමඟ ස්පිනර්වරුන් සහ වියන්නන් 200කට ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටිති. රෙදි නියමිත කුංකුම පැහැය, සුදු සහ කොළ යන වර්ණවලින් වර්ණ ගන්වා, නිශ්චිත ප්‍රමාණයන්ට අනුව කපා සකස් කෙරේ. ඉන් අනතුරුව සුදු පැහැති මධ්‍යම කොටසේ හරියටම මැදට කිරණ 24කින් සමන්විත නිල් පැහැති අශෝක චක්‍රය යොදා, ධජයේ කොටස් තුන එකට මැසීම සිදු කෙරේ.ප්‍රමිතීන්ට අනුකූල නොවන ධජ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් කරනු ලැබේ.

නිදහස් අරගලය සමඟ බැඳුණු කාදි ඉතිහාසය

බෙන්ගේරි ප්‍රදේශයේ මෙම කර්මාන්තයට කර්ණාටකයේ දිගු කාදි ඉතිහාසය මෙන්ම ඉන්දියාවේ නිදහස් අරගලය සමඟද සම්බන්ධතාවක් පවතී.

ධාර්වාඩ් ආසන්නයේ පිහිටි ගරාග් ගම්මානය 1954 වසරේදී නිදහස් සටන්කාමීන් විසින් කාදි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් පසු කාදි නිෂ්පාදනයේ වැදගත් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

හැම ඉන්දීය ධජයක්ම බෙන්ගේරිවලින්ද?

කෙසේ වෙතත්, ඉන්දියාවේ සියලුම නිල ජාතික ධජ නිෂ්පාදනය වන්නේ බෙන්ගේරි ගම්මානයේ පමණක් බව පැවසීම නිවැරදි නොවේ. ඉන්දියාවේ ජාතික ධජ නිෂ්පාදනය සඳහා අවසර ලත් ආයතන කිහිපයක් පවතින අතර KKGSS ද එවැනි පිළිගත් නිෂ්පාදකයෙකු ලෙස රජයේ සහ අනෙකුත් නිල ආයතන සඳහා ධජ සපයයි.

ඉන්දීය ජාතික ධජය 2:3 අනුපාතයකින් යුක්ත වන අතර ඉහළ සිට පහළට කුංකුම, සුදු සහ කොළ පැහැති තිරස් තීරු තුනකින් සමන්විත වේ. මධ්‍යයේ නිල් පැහැති අශෝක චක්‍රය පිහිටා ඇත. වර්තමාන ජාතික ධජයේ සැලසුම ඉන්දියාවේ ව්‍යවස්ථා සම්පාදක සභාව විසින් 1947 ජූලි 22 වැනිදා නිල වශයෙන් පිළිගෙන තිබේ.

අද වනවිටද KKGSS වැනි අවසරලත් මධ්‍යස්ථාන හරහා නිෂ්පාදනය වන ජාතික ධජ රජයේ ආයතන සහ අනෙකුත් නිල ස්ථාන වෙත සැපයෙන අතර, බෙන්ගේරි ගම්මානය ඉන්දියාවේ කාදි මත පදනම් වූ ජාතික ධජ නිෂ්පාදන උරුමය රැකගන්නා වැදගත් ස්ථානයක් ලෙස පවතී.

මෝදිගෙන් දැඩි අනතුරු ඇඟවීමක් -“බුද්ධිමය නක්සල්වාදීන්” ගැන නිදහස් දිනයේදි රටටම කියයි

මෝදිගෙන් දැඩි අනතුරු ඇඟවීමක් -“බුද්ධිමය නක්සල්වාදීන්” ගැන නිදහස් දිනයේදි රටටම කියයි