වෛද්‍යවරයෙකු නිසා කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයක..

By Piyumika Nov 05, 2024 02:07 AM GMT
Report

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව වෛද්‍ය අසංක කෝණාර මහතා කියා සිටියේය.

ගංවතුරෙන් විපතට පත් රට වැසියන් සනසන්න ගිය රජු සහ රැජිනට ප්‍රහාරයක් ..(PHOTOS)

ගංවතුරෙන් විපතට පත් රට වැසියන් සනසන්න ගිය රජු සහ රැජිනට ප්‍රහාරයක් ..(PHOTOS)

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම් රංග මහතා සඳහන් කළේ, අදාළ චෝදනාව එල්ල් වී ඇති විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ලබාදීමට සෞඛ්‍ය ආමාත්‍යංශය මේ වන විටත් තීරණය කර ඇති බවය.

අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා ලිඛිත දැනුම් දීම අද දිනයේ සිදුවනු ඇති බව ද කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.