ගංවතුරෙන් විපතට පත් රට වැසියන් සනසන්න ගිය රජු සහ රැජිනට ප්‍රහාරයක් ..(PHOTOS)
ගංවතුරින් විපතට පත් වැලෙන්සියා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් මහජනයා විසින් මඩ සහ ගල්වලින් පහර දී තිබෙනවා.
ගංවතුරින් දරුණුතම බලපෑමට ලක් වූ පයිපෝටා නගරය හරහා රාජකීය යුවළ ගමන් කරන අවස්ථාවේ දී කෝපයට පත් මහජනයා විරෝධතා පාඨ කියමින් ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
"මිනීමරුවා" සහ "ලැජ්ජාවක්" යනුවෙන් ජනතාව කෑගසමින් මෙම රාජකීය යුවළට, ජනතාව අප්‍රසාදය පළ කළ බව සඳහන්. මෙම සංචාරයට ස්පාඤ්ඤයේ අගමැති සහ අනෙකුත් රජයේ නිලධාරීන්ද එක්ව තිබෙනවා.
තමන්ගේ මුහුණු සහ ශරීරයේ මඩ තැවරුනත් ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු සහ ලෙටිසියා රැජින රැස්ව සිටි මහජනතාව සනසනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.
ගංවතුරට පෙර බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමි සිදු නොකිරීම සහ ගංවතුරෙන් පසු ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව මෙලෙස මහජනයා ප්රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.
දශක කිහිපයකට පසු පසුගිය දා ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් විශාල සංඛාවක් අතුරුදන්ව සිටිනවා.
දිවි ගලවා ගත් අය බේරා ගැනීමට සහ මළ සිරුරු ගොඩගැනීමේ බලාපොරොත්තුවෙන් හදිසි සේවකයින් භූගත රථගාල් සහ උමං මාර්ගවල මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි වාර්තා වන්නේ.