දිට්වා නිසා අසරණ වුණ දුම්රිය මඟීන්ට ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් සුබ පණිවුඩයක්
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ වසර ඇතුළත මහනුවරට දුම්රිය ධාවනය කරවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රඹුක්කන - මහනුවර දුම්රිය මාර්ගයේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ කොටස් 97න් කොටස් 92ක් මේවන විටත් යළි සකස්කර තිබෙන බවයි.
එමෙන්ම ඉතිරි කොටස් 05 දුම්රිය දෙපාර්තමේන්තුවට තනිව සකස් කළ නොහැකි බැවින් එම කොටස් යළි සකස් කිරීමට යම් කාලයක් ගතවන බවත් ඔහු එහිදී කියා සිටියා.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දුම්රිය මාර්ග යළි සැකසීමේදී බඩු බාහිරාදිය රැගෙන යාම ලොකු අභියෝගයක් වී ඇති බවයි.
" දිට්වා සුළි කුණාටුවෙන් වැඩිම හානියක් සිද්ධ වුණේ මාර්ග සංවර්ධන අධිකාරියට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට. ඒකෙනුත් දෙපාර්තමේන්තුවක් විදියට ගත්තහම දුම්‍රිය දෙපාර්තමේන්තුව තමයි දිට්වා ආපදාව නිසා වැඩියෙන්ම අපදාවට ලක් වුණේ. එතකොට මේකෙ අපිට ක්‍ෂණිකව කරන්න පුළුවන් දේවල් කීපයක් තිබ්බා. ඒ හරහා අපි සමහර මාර්ග නැවත විවෘත කළා මාස කීපයක් ඇතුළත. නමුත් දැඩිවම හානියට ලක්වෙලා තිබ්බ උඩරට මාර්ගය . ඒ නිසා තමයි අපිට යම් කාලයක් ගත වුණේ නමුත් මේ වසරේ මුල වෙනකොට අපිට පුළුවන් වුණා බදුල්ල ඉඳන් අඹේවෙළ නැවත ජනතා අයිතියට ලබා දෙන්න. ඉතුරු කෑල්ල තමයි පහුගිය දවසේ අපි පටන් ගත්තා අඹේවෙල සිට නුවර එළිය නානු ඔය දක්වා කොටසේ කීපයක් හානි වෙලා තිබ්බා ඒවත් යථාවත් කරලා භාර දුන්නා. ඒ වගේම උඩරට මාර්ගය තමා රඹුක්කන ඉඳලා නුවර දක්වා දුම්‍රිය මාර්ගය. ඒකෙත් සෙක්ෂන් 97ක් විශාල ලෙස හානි වෙලා තිබ්බා. ඒ 97 න් 92 ක් සම්පූර්ණයෙන් අවසන්. මේ වෙනකොට තව 5ක් තියෙනවා. ඒ 5 අපිට තනිවම දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය පමණක් ඇතිව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තාක්ෂණික සහයත් එක්ක තමයි කරන්නේ. ඒ නිසා යම් කිසි කාලයක් ගතවෙනවා. අනිත් එක තමයි ඔය කියන මාර්ගය හදන්න බඩු අරන් යන්න තියෙන එකම මාර්ගය තමයි දුම්රිය. එතකොට එක තැනක් හදලා තමයි අනිත් තැනට අරන් යන්න වෙන්නේ. ඒ නිසා තමයි කාලයක් ගතවෙන්නේ. නමුත් අපි හිතනවා මේ වසර ඇතුළත අපිට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා.."