මහනුවර රුපලාවන්‍යාගාරයක්ම සිහිසුන් වෙලා - අටක් රෝහලේ

Report

මහනුවර නගරයේ පේරාදෙණිය පාරට ආසන්නව පිහිටි මහල් ගොඩනැගිල්ලක රූපලාවණ්‍ය ආයතනයක් තුළ සිටි පිරිසක් හදිසියේම සිහිසුන් තත්ත්වයට පත්වීමෙන් රෝහල්ගත කර තිබේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

සිද්ධිය සිදුවී ඇත්තේ එම ආයතනයේ විදුලිය විසන්ධි වීමෙන් පසුව විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.

මෙම විදුලි ජනකය ක්‍රියාත්මක කරමින් සියලු දොර ජනෙල් වසා තබා වායු සමීකරණ යන්ත්‍රයද ක්‍රියාත්මක කිරීම නිසා ආශ්‍රිත වායු දූෂණයකින් මෙම තත්ත්වය ඇතිවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

අසළ වෙළඳසැලක සේවකයෙකු, රූපලාවණ්‍යාගාරය ඉදිරියේ සිහිය නැතිව වැටී සිටි තරුණිය දැක විමසිල්ලෙන් කටයුතු කර දොර විවෘත කළ අවස්ථාවේ තවත් තරුණියන් හය දෙනෙකු හා පුද්ගලයෙකුද ඇතුළත සිහිසුන්ව වැටී සිටි බව දුටු බව වාර්තා වේ.

ඉන්පසු පොලීසිය දැනුවත් කර රෝහල්ට ගෙනයාමට අවශ්‍ය පියවර ගෙන ඇත. මේ අතරින් පිරිසෙන් හය දෙනෙකු මහනුවර ජාතික රෝහලටත් තවත් දෙදෙනෙකු පෞද්ගලික රෝහලකටත් ඇතුළත් කර ඇත.

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මෙම පිරිසෙන් සිව්දෙනෙකු රූපලාවණ්‍ය ආයතනයේ සේවකයින් වන අතර අනෙක් අය සේවය ලබා ගැනීමට පැමිණි ගනුදෙනුකරුවන් බවට පොලීසිය පෙන්වා දෙයි.

පොලීසිය සඳහන් කළේ, වායු සමීකරණය සඳහා යොදාගත් විදුලි උත්පාදන යන්ත්‍රය හරහා මතු වූ විස වායු තත්ත්වයක් නිසා මෙතරම් පිරිසක් සිහිසුන් තත්ත්වයට පත්වන්නට ඇති බවයි.

රෝහල්ගත කළ පිරිස මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් සිටින බවත්, තවත් වෛද්‍ය විමර්ශන ක්‍රියාත්මක වන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.