අවුරුදු 15ක දැරියක් දූෂණය කළ මහනුවර බහිරවකන්දේ විහාරයක හිමිනමකටත් වැඩ වරදී
වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් හිමි නමක් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් ද මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම දූෂණයට ලක් වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා බව අනාවරණය වී තිබේ.
පොලිසිය සඳහන් කළේ සැකකාර හිමිනම වයස අවුරුදු 25 වන බහිරවකන්ද ප්රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින හිමි නමක් බවයි.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගැනුණු කාන්තාව බහිරවකන්ද ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තැනැත්තියක් බව වාර්තා විය.
සැකකාර හිමිනම සහ කාන්තාව පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන ඊට පසු දින (21) මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිමිනම අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හැර ඇති බව සඳහන් වේ
මහනුවර පොලිස් ස්ථානය මඟින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .