කලකට පසු වනිඳු ක්‍රියාත්මක වෙයි..කවුරුත් බනින වනිඳු අද කරපු දේ මෙන්න..
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 09 වැනි තරගය ලෙස Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර අද (07) පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07 දැවී ලකුණු 175ක් වාර්තා කරනු ලැබීය.
කලකට පසු පිත්ත ක්‍රියාත්මක කළ Kandy Falcons කණ්ඩායමේ නායක වනිදු හසරංග පන්දු 32 තුළ නොදැවී ලකුණු 65 රැස් කිරීමට සමත් විය.
මේ අතර, පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 03ක් දවා ගැනීමට සමත් වීමද විශේෂත්වයක්.
කාසියේ වාසිය හිමිකරගත් Galle Marvels කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
ඒ අනුව ලකුණු 176 ඉලක්කයක් Galle Marvels කණ්ඩායමට තරගය ජය ගැනීමට හිමිවිය.