ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීමේ චාරිත්‍රය ගැටඹේදී සිදු කෙරෙයි

Report

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) පෙරවරුවේ ගැටඹේ මහවැලි ගංතොට දිය කපනා ස්ථානයේදී සිදුකරනු ලබයි.

 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (27) රාත්‍රියේ සාර්ථකව වීථි සංචාරය කර ඇත .

ඉන්පසුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර නැවත එම දේවාල වෙත පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු, කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ මහවැලි ගං තොට වෙත ගමන් කර තිබේ.

එහිදී සම්ප්‍රදායානුකූල දිය කැපීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව සිදු කිරීමෙන් පසුව පෙරහර නැවත මහනුවර ගණදෙවි කෝවිල දක්වා විත් ඉන් පසු ගෙඩිගේ රජමහා විහාරය වෙත ළඟා වී ඇත.

මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු ජනපති

මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු ජනපති

ඒ වගේම ගෙඩිගේ රාජමහා විහාරයේ සිට අද ප.ව. 2:18ට උතුරු දිශාමුඛව පිටත්වන දහවල් පෙරහර, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර සහ දේව වීදිය ඔස්සේ රජවීදියට හැරී, ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රය තෙවරක් ප්‍රදක්ෂිණා කිරීමට නියමිතව ඇත මින් අනතුරුව සවස 4:01 ට උතුරු දිශාමුඛව දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදු ක‍රනු ලබයි .

ඒ වගේම පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.

  එහිදී ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කළ බව දැනුම් දෙන සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, පෙරහරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමෙන් පසුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වේ.

පොල්ගහවෙල සිට ගිය දුම්රිය පීලි පනී- උතුරු දුම්රිය ධාවනය පමා වෙයි

පොල්ගහවෙල සිට ගිය දුම්රිය පීලි පනී- උතුරු දුම්රිය ධාවනය පමා වෙයි