දෙස් විදෙස් සැම නෙත් සිත් පහන් කරන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ..
සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කිරීමට නියමිතය.
නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප් සිටුවීමේ මංගල්‍යය අද පෙරවරු 4.10ට යෙදී තිබු සුභ මොහොතින් සිදුවිය.
කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර මේ මස 10 වනදා වීථි සංචාරය කිරීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහර වීදී සංචාරය ආරම්භ වන්නේ 15 දින බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සඳහන් කළේය.
අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පසළොස්වක පොහෝ දිනය යෙදෙන 19 වනදා රාත්‍රියේ වීදී සංචාරය කිරීමට නියමිතය.