අනුරාධපුර ශික්ෂණ රෝහලට චෝදනාවක්..(VIDEO)

By Piyumika Aug 05, 2024 02:30 AM GMT
Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය දාහකය හේතුවෙන් අනුරාධපුර නගරය තුළ දැඩි පරිසර දූෂණයක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කර සිටී.

ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින එංගලන්ත ටෙස්ට් සංචිතය..

ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින එංගලන්ත ටෙස්ට් සංචිතය..

ඔවුන් පෙන්වා දෙන්නේ, රෝහලෙන් බැහැර කරන ශරීර කොටස් ඇතුළු අපද්‍රව්‍ය පුළුස්සා දැමීම සඳහා මෑතකදී ඉදි කළ මෙම සායනික අපද්‍රව්‍ය දාහකය මගින් රෝහල් භූමිය සහ අවට නිවෙස්වලට දැඩි දුමාරයක් සහිතව සම්පූර්ණයෙන් විනාශ නොවූ අළු කැබලි පතිත වීමත් දැඩි දුර්ගන්ධයක් පැවතීමත් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි.

මෙම දාහකය විධිමත් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව පිහිටුවා ඇති බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මෙම දාහකයෙන් පිළිස්සීමට ලක් නොවූ කාබන් අංශු හා අපජලය නලයක් මාර්ගයෙන් බැහැර හැරීම හේතුවෙන් අනුරාධපුර නුවර වැවේ බිහිරි සොරොව්ව නමින් හඳුන්වන ඇළ මාර්ගය ද දැඩි අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දේ .

අම්පාර සලිත කල ඝාතනයන් ගැන අමුතුම කතාවක් එලියට ..

අම්පාර සලිත කල ඝාතනයන් ගැන අමුතුම කතාවක් එලියට ..

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර පැවසුවේ , මෙය පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ශක්‍යතා අධ්‍යයනයක් සහිතව ඉදිකර ඇති බවය. එමෙන්ම පරිසර හානියක් සිදුවන බවට චෝදනා කරන පුද්ගලයින් රෝහලේ ප්‍රේරණ කලාපයේ අනවසරයෙන් රැඳී සිටින පුද්ගලයින් බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබේ.