LTTE සාමාජිකයෙකු ආයෙත් සෙල්ලමක් දාලා පොලිස් දැලේ

Report

ඝාතනයක් සඳහා සූදානමින් සිටි අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දාගේ කුලී ඝාතකයෙකු මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 36 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු හිටපු LTTE සාමාජිකයෙකුවන අතර එම සමයේ දී කරුණා පාර්ශ්වයේ ඔහු සිට ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

රජයෙන් ජනතාවට තවත් වන්දියක්

රජයෙන් ජනතාවට තවත් වන්දියක්

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් ද පොලීසිය සොයාගනෙ තිබේ.

ඔහු මංකොල්ලකැමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර 11ක් ගාල්ල බන්ධනාගාරයේ සිරදඬුවම් ලබාසිට ඇති අතර එම කාලයේදී කරන්දෙණිය සුද්දා නැමැත්තා හඳුනාගෙන ඇත. කරන්දෙණියේ සුද්දා සෘජුවම අදාළ පුද්ගලයා වෙත දුරකතන ඇමතුම් ලබාදෙන බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.

දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ

දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහාගේ අධීක්ෂණයෙන් මීටියාගොඩ පොලීසිය විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්

බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්