කමිඳු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහලම තැනට ..
By Piyumika
2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ මෙතෙක් ලකුණු ලබා ගැනීමේ ඉහළතම සාමාන්‍ය වේගයක් රඳවාගෙන ඇති ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් පත් ව තිබෙනවා.
ඒ අනුව, ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 94.3ක ඉහළම ලකුණු සාමාන්‍ය වාර්තා කරමිනුයි ඔහු මෙසේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන්නේ
මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඉන්දියාවේ යෂස්වි ජයිස්වාල් හට හිමි ව තිබෙනවා. 59.65ක් ලෙසිනුයි ජයිස්වාල්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය රැඳී ඇත්තේ. තෙවැනි ස්ථානය පාකිස්තානයේ සල්මන් අගාටත් සිව්වැනි තැන එංගලන්තයේ ජෝයි රූට් හටත් හිමිව තිබෙනවා.
ටෙස්ට් තරග 08කට ඉනිම් 13ක දී ක්‍රීඩා කර ඇති කමිඳු ටෙස්ට් ශතක 05ක් සහ අඛණ්ඩව අර්ධ ශතක 04ක් ලබාගෙන තිබෙනවා.