වසර 99ක් පැරණි ලෝක වාර්තාවක් කමිඳු බිඳහෙලයි..වාර්තා පිට වාර්තා තැබූ ශ්‍රී ලංකාව.(PHOTOS)

Report

ලෝක ටෙස්ට් ක්‍රීඩාවේ අඩුම තරග ගණ­න­කදී වේග­යෙන් ලකුණු 1000ක් පසු­කළ ලොව පළමු ක්‍රීඩ­කයා බවට කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තා­වක් පිහි­ටු­වා තිබෙනවා.

කමිඳු සිය 8 වැනි ටෙස්ට් තර­ග­යේදී ඊයේ ලකුණු 1000 පසු­කළ අතර, 1925 දී ඔස්ට්‍රේ­ලි­යාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තර­ග­යේදී ලකුණු 1000 පසු­කොට තිබූ වාර්තාව වසර 99කට පසු බිද දැමීම විශේෂත්වයක්.

රටම බලාසිටි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

රටම බලාසිටි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


නව­සී­ල­න්ත­යට එරෙහි දෙවැනි ටෙස්ට් තර­ගයේ ඊයේ දෙවැනි දින­යේදී ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී කමිඳු නොදැවී ලකුණු 182ක් ලැබී­මත් සමඟ ඔහුගේ ටෙස්ට් ලකුණු ගණන 1004 දක්වා ඉහළ ගියා.

මෙ‍තෙක් ශ්‍රී ලංකාවේ පිති­ක­රු­වකු අවම ඉනිම සංඛ්‍යා­ව­කින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය වේග­වත්ම පිති­ක­රුවා කමි­ඳු­ මෙන්ඩිස් වන අතර, හිටපු ටෙස්ට් පිති­කරු රෝයි ඩයස් ඉනිම 23කදී මෙම දස්කම දක්වා තිබිණ.

Photos credit by Arul 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery