කමිඳු මෙන්ඩිස් එකවරම ලෝකයේ ඉහළ තැනකට එයි..ඔහුට හිමිවූ විශේෂ තැන මෙන්න..

Report

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවමත පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කමිඳු මෙන්ඩිස් 85 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

ඊට හේතුව නම් නිමාවට පත් වූ ඇෆ්ගනිස්ථාන තරගාවලියේ අවසන් තරගයේ දී ඔහු දැක්වූ දක්ෂතාව බවයි පැවසෙන්නේ .

ඒ අනුව කමිඳු මෙන්ඩිස් ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 725කින් වීම ද විශේෂත්වයක්.

එම තරගයේ දී ඔහු නොදැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 65ක්.

පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ඉන්දිවේ සූර්යකුමාර් යාදෙව් පළමු ස්ථානයේ රැඳි සිටියි.

එහි දෙවන ස්ථානයේ එංගලන්තයේ පිල් සෝල්ට් පසුවන අතර ‌තෙවන ස්ථානයේ රැඳි සිටින්නේ මොහොම් රිස්වාන්.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 20 තුළ කිසිදු ශ්‍රී ලාංකීක ක්‍රීඩකයෙක් රැඳි නොසිටීමත් විශේෂත්වයක් වනවා.

පැතුම් නිස්සංක එහි 21 වන ස්ථානයේ පසුවන අතර කුසල් මෙන්ඩිස් 34 වන ස්ථානයට හිමිකම් කියනු ලබයි.

චරිත් අසලංක ආදළ ශ්‍රේණිගත කිරීම්වල 40 වන ස්ථානයේ පසුවෙයි.