ඩොලරය ඉහළට රුපියල පහතට - අද අගයන් මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්වලට අනුව අද දින (20) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලර් එක අගය ඉහළ ගොස් ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 304.44ක් ලෙස සහ විකුණුම් මිල රු. 312.00ක් ලෙස සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 304.50 - රු. 311.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 301.01 - රු. 312.02
කොමර්ෂල් බැංකුව - රු. 303.00 - රු. 311.50
සම්පත් බැංකුව - රු. 304.75 - රු. 311.25
අමානා බැංකුව - රු. 306.50 - රු. 310.50