පාතාලයේ තවත් බලකණුවක් කොටුවෙයි - ‘දෙහිබාලේගේ බාල සහෝදරයා කළු මල්ලි’ ඩුබායිහිදී අත්අඩංගුවට
By Malith Madushan
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශෙහාන් සත්සර හෙවත් ‘දෙහිබාලේ මල්ලි’ගේ බාල සහෝදරයා වන පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
25 හැවිරිදි පටබැඳිගේ තුෂාන් සත්සර සම්බන්ධයෙන් දකුණු පළාතේ සිදුවූ ඝාතන කිහිපයකට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර තිබූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබාදුන් තොරතුරු මත ඩුබායි බලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. අදාළ සැකකරු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සඳහන් වේ.