බෙංගාල බොක්කේ ‘අර්නාබ්’ කුණාටුව තවත් සැරවෙයි - පැය 24ක් තුළ වාර්තා වූ දැවැන්තම වර්ෂාපතනය මෙන්න

Report

 දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගතවූ පැය 24ක කාලය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වැඩිම වර්ෂාපතනය පුත්තලම දිස්ත්‍රික්කයේ කරන්දිපෝවල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශයට මිලිමීටර් 195.7ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි . තවද කුලියාපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 193.0ක වර්ෂාපතනයක් ද, ඉලුප්පයිකඩවෙයි ප්‍රදේශයෙන් මිලිමීටර් 187.5ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශයේ ‘අර්නාබ්’ සුළි කුණාටුව වර්ධනය වෙමින් පවතින අතර, එය ශ්‍රී ලංකාවට වක්‍රාකාරව බලපානු ඇති බවයි

තවද උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි අපේක්ෂා කරන බව සඳහන්ය  

බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති කුණාටුව ඔර්නබ් නමින් නම් කරයි - සුළි කුණාටුව ඉතා දරුණු මට්ටමකට

බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති කුණාටුව ඔර්නබ් නමින් නම් කරයි - සුළි කුණාටුව ඉතා දරුණු මට්ටමකට

Gallery