ටිල්වින් සිල්වා මහතා සහ ස්විස් තානාපතිනී සිරි වෝල්ට් මහත්මිය අතර හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපතිනී සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ජස්ටින් බොයිලට් ,ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මංජුල පද්මකුමාර සහ නීතිඥ මධූ කල්පනා මහත්ම මහත්මීහු සහභාගී වී වූහ.
මෙහිදී මෙරට පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් ස්විස්ටර්ලන්තයේ සිදු කළ සංචාරය පිළිබඳව සහ ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
අයවැය ඉදිරිපත් කිරීමේදී සමාජයේ සියලු පාර්ශ්වයන් සම්බන්ධ කර ගැනීමට ගන්නා උත්සාහය තානාපතිවරිගේ ඇගයීමට ලක්විය.
උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමේදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් ජනතාවගේ ආර්ථික ශක්තිය නගා සිටුවීමට සහාය වීම පිළිබඳවත් සාකච්ඡා විය.