ධනවත්ම නිළිය බවට සුරූපී ඇය පත්වෙයි..ඇයට හිමි ආදායම රුපියල් කෝටි 4600 විශාල ධනයක්.(PHOTOS)
By Aruna
2024 වර්ෂය සඳහා ‘හුරුන් ඉන්දියා රිච් ලිස්ට්’ හෙවත් ‘ධනවත් ඉන්දියානුවන්ගේ ලැයිස්තුව’ පසුගිය දා ප්‍රසිද්ධිය පත් කෙරුණා.
ඒ අනුව, බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ ජූහී චවුලායි.
ඇගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,600 ක් බවයි පැවසෙන්නේ.
ජූහී චවුලා 80 දශකයේත් 90 දශකයේත් ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වූ අතර, 1984 වසරේ ‘මිස් ඉන්දියා’ කිරුළ හිමිකර ගත්තේ ද ජූහී චවුලාය.

රනිල් සහ මරික්කාර් අතර සුහද හමුවක් ලීක් වෙයි..ජනතා විමුක්ති පෙරමුණ ගැනත් ආන්දෝලනාත්මක කතාවක්.(VIDEO)
ඇය සිනමාවට පිවිසියේ 1986 වසරේ ‘සුල්තාන්’ චිත්‍රපටයෙන්. ජූහී චවුලා විවාහ වී සිටින්නේ ජායි මෙත්තා නමැති ව්‍යාපාරිකයා සමඟයි.
ෂාරුක් ඛාන් සමඟ ‘කොල්කොටා නයිට් රයිඩර්ස්’ අයිපීඑල් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකරු වන්නේ ද ජූහී චවුලා වන අතර, බොලිවුඩයේ ධනවත්ම නළුවා ලෙස තව දුරටත් අංක එක ස්ථානයේ පසුවන්නේ ෂාරුක් ඛාන් වීමද විශේෂත්වයක්.





