මාධ්‍යවේදී චමුදිත සහ ජනපති අපේක්ෂකයෙක් වහාම අල්ලස් කොමිසමට කැඳවන්න..ඩොලර් බිලියන 07ක ගේමක් ලීක්වෙයි...(VIDEO) )

Sri Lanka Politician Bribery Commission Sri Lanka Journalists In Sri Lanka Election srilanka election 2024
By Parami Dissanayake Sep 09, 2024 04:16 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

පසුගිය කාලයේ රටේ ඇති වූ විශේෂ කාරණයක් සම්බන්ධව ඇතුලත් තොරතුරකට අදාලව ලිපියක් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිව, අරගල නැතිව රට ගොඩගන්න තිබුණා..ගේන්න හදපු ඩොලර් බිලියන 07න් කොමිස් ඉල්ලූ මන්ත්‍රීවරයෙක් ගැන ආන්දෝලනාත්මක හෙළිදවිවක්.(VIDEO)

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිව, අරගල නැතිව රට ගොඩගන්න තිබුණා..ගේන්න හදපු ඩොලර් බිලියන 07න් කොමිස් ඉල්ලූ මන්ත්‍රීවරයෙක් ගැන ආන්දෝලනාත්මක හෙළිදවිවක්.(VIDEO)

එහි සඳහන්ව ඇත්තේ පහත ආකාරයටයි.

"මෙරට බංකොළොත් වීමට වසර 10කට පමණ පෙර මෙරට බලශක්ති ඉංජිනේරුවෙක් වශයෙන් කටයුතු කළ කීර්ති වික්‍රමරත්න මහතා ජර්මනියෙන් ඩොලර් මිලියන 07ක් ඉතාමත් අඩු මුදලට ලංකාවට ගෙන එන බව පවසමින් කටයුතු කර ඇත".

කෙසේ වෙතත්, එවකට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටි මන්ත්‍රීවරයෙක් මෙම මුදල හරහා කොමිස් ඉල්ලූ බවත් ජර්මනිය වැනි රටක් කොමිස් මුදල් ලබා නොදෙන බවත් කීර්ති වික්‍රමරත්න මහතා මාධ්‍ය වැඩසටහනකදී පවසා ඇත.

ඉන්දුනීසියාවේ මගී ගුවන් යානාවක් අනතුරට...

ඉන්දුනීසියාවේ මගී ගුවන් යානාවක් අනතුරට...

නමුත් මෙම වැඩසටහන අතරතුරදී මාධ්‍යවේදියා එම මන්ත්‍රීවරයාගේ නම දිගින් දිගටම විමසුවත් වික්‍රමරත්න මහතා එය නොපැවසූ අතර ඔහු එම නම කොලයක ලියා පෙන්වා ඇත.

ඒ අනුව එම අදාළ තැනැත්තා මහාචාර්යවරයකු වන බවද පසුව පවසන ලදී.

අලි ප්‍රහාරයෙන් තිදරු පියෙකු මරුට...

අලි ප්‍රහාරයෙන් තිදරු පියෙකු මරුට...


කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා සහ චමුදිත සමරවික්‍රම අල්ලස් කොමිසමට කැඳවා වහා පරීක්‍ෂණයක් ආරම්භ කර අල්ලස් ඉල්ලූ මන්ත්‍රීවරයාට නිසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙසඉල්ලා සිටි.

මෙම සිදුවීමට අදාලව නිකුත් කර ඇති ලිපිය පහතින් දැක්වේ. මේ අතර මෙම ඩොලර් බිලියන 07ට අදාල සිදුවීම ගැන සියලු විස්තර ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න👇