ජොන්ස්ටන්ට එරෙහි නඩු විභාගය ඇරඹේ...

Johnston Fernando Sri Lanka Lanka Sathosa Court of Appeal of Sri Lanka
By Parami Dissanayake Jun 24, 2024 03:50 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යනුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු , ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (24) චෝදනා කියවා දෙන ලදී.

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට...

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට...

මෙම චෝදනා කියවාදීම අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ විත්තිකරුවන්ට එරෙහිව සිදුකෙරුණි.

එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් තැබුණි.

ශ්‍රී ලාංකිකයෙකුගේ රන් භාණ්ඩ සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට...

ශ්‍රී ලාංකිකයෙකුගේ රන් භාණ්ඩ සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට...

අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ, 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් 39 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට තිබේ.