ශ්‍රී ලාංකිකයෙකුගේ රන් භාණ්ඩ සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට...

By Parami Dissanayake Jun 24, 2024 02:31 PM GMT
Report

ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් බෑගයෙ තිබූ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගුවන් තොටුපළ පොලිසිය පවසනවා.

හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් දියමන්ති අල්ලන ලද මුදු දෙකක්, රන්මාලයක්, රන් මුදුවක්, අත් ඔරලෝසුවක්, පෙන්ඩනයක් ඇතුළු රුපියල් ලක්ෂ 11 ට අධික භාණ්ඩ සැකකරුවන් විසින් සොරා ගෙන ඇති බවට පොලිසිය සඳහන් කර සිටිනවා.

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන දෙය ගැන කළ දැනුම්දීම මෙන්න.

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන දෙය ගැන කළ දැනුම්දීම මෙන්න.

ඉකුත් (23) දින අලුයම පැණිලිකාර ශ්‍රී ලාංකිකයා සහ සැකකාර චීන ජාතිකයින් දෙදෙනා එකම ගුවන් යානයෙන් අබුඩාබි සිට මෙරටට පැමිණ ඇති අතර යානයේ අංක 9 දරන අසුනට උඩ ගමන් මලු රඳවනයෙහි පැමිණිලිකරුගේ භාණ්ඩ බෑගය තබා ඇති බවත්, ශ්‍රී ලංකාවට පැමිණි පසු එම මගියා සිය ගමන් බෑගේ පරීක්ෂා කිරීමේදී එහි තුළ තිබූ භාණ්ඩ නොමැති බවට කර තිබූ පැමිණිල්ලකට අනුව සියලු මඟීන් පරීක්ෂාවට ලක් කිරීමේ දී සැකකාර චීන ජාතිකයන් දෙදෙනා සතුව තිබු මෙම භාණ්ඩ සොයාගෙන ඇත.