ජොන්ස්ටන් බන්ධනාගාරයේදී ලිව්වයි කියන ලිව්මේ ඇත්ත කතාව..

Report

ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හගවමින් වෙබ් අඩවියක පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

ජනපති මැතිවරණ නීති උල්ලංගනය කරලද...වහාම මැකෝ ක්‍රියාත්මක වෙලා තහනමක් පනවලා..

ජනපති මැතිවරණ නීති උල්ලංගනය කරලද...වහාම මැකෝ ක්‍රියාත්මක වෙලා තහනමක් පනවලා..

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලිපියක් නිකුත්කර ඇති බව එහි සඳහන්ව ඇති බවත් බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවකු හෝ සිරකරුවකු යම්කිසි ලිපියක් පිටතට යවන්නේ නම් එය අදාල බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යොමුකළ යුතු බවත් ඒ මහතා කීය.

හිටපු මන්ත්‍රී ජොන්ස්ටන්ගේ BMW රථය සම්බන්ධ නඩුවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට ඇප..

හිටපු මන්ත්‍රී ජොන්ස්ටන්ගේ BMW රථය සම්බන්ධ නඩුවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට ඇප..

එවැන්නක් බන්ධනාගාර නීති රීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය අනුව කළ යුතු බවත් මෙම ලිපිය පළවීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නේ යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.