හිටපු මන්ත්‍රී ජොන්ස්ටන්ගේ BMW රථය සම්බන්ධ නඩුවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට ඇප..

Sri Lanka Police BMW Johnston Fernando Sri Lanka Sri Lanka Magistrate Court
By Piyumika Oct 29, 2024 08:46 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී ලෙස උපයා ගත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

හොරකම් කරන්නම ඉපදුන එකෙක්..මෙහෙමත් හොරකම් කිරිල්ලක්.. ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ලකුත් බිඳලා..

හොරකම් කරන්නම ඉපදුන එකෙක්..මෙහෙමත් හොරකම් කිරිල්ලක්.. ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ලකුත් බිඳලා..

මෙම සැකකරුවන් දෙදෙනා එම සිද්ධිය සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණා. එසේ භාර වීමෙන් පසුව ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා පසුගියද‍ා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනියම් පෙම් සුව විදින්නයි බස් එකට ගොඩ වුනේ..අවසානේ එක්කෙනෙක් රෝහලේ අනෙකා පොලිසියේ..

අනියම් පෙම් සුව විදින්නයි බස් එකට ගොඩ වුනේ..අවසානේ එක්කෙනෙක් රෝහලේ අනෙකා පොලිසියේ..

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ReeCha