මාලිමා දීගය ගැන තොණ්ඩමන් කට අරී - ආර්ථික උපදෙස් රනිල්ගෙන්

Report

ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජාතික ජනබලවේගය පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් සහිතව සිය X ගිනුමේ සටහනක් තබා ඇත.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ, ප්‍රාදේශීය මට්ටමින් ඇති කරගත් මෙම දේශපාලන සබඳතාව, වත්මන් රජය පිළිබඳ තමන්ගේ විවේචනයට හෝ ප්‍රශංසාවට කිසිදු බලපෑමක් හෝ පක්ෂග්‍රාහීත්වයක් ඇති නොකරන බවයි.

ඒ අනුව, තමන් ඉදිරියටත් විපක්ෂයේ අසුන්ගෙන සිටින බවත්, ආර්ථික කටයුතු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ (RW_SRILANKA) මහතාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර ඇත.

ප්‍රාදේශීය පාලනය සඳහා බිම් මට්ටමේ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය වන අතර, එය ජනවරම අනුව තීරණය වන බවත්, ලංකා කම්කරු කොංග්‍රසය (CWC) ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ හෝ වෙනත් සන්ධානයක් යටතේ තරග නොකර, තම පක්ෂයේ ලකුණින් තරග කළ බවත්, එබැවින් තීරණ ගැනීමේදී පක්ෂයට ස්වාධීනත්වයක් ඇති බවත් ඔහු සිහිපත් කර ඇත.

අද ඔබේ ලග්නය කියන රහස මෙන්න

අද ඔබේ ලග්නය කියන රහස මෙන්න

වැඩිදුරටත්, තම පක්ෂයේ ජන්දදායකයින් ලබා දුන් ජනවරමට සාධාරණය ඉටු කර ඇති බව තමන් විශ්වාස කරන බව මන්ත්‍රීවරයා පවසා ඇත. බලහත්කාරී දේශපාලන වාදවිවාදවලින් තොරව, ඡන්දදායකයින් අතර තම පක්ෂයේ මැතිවරණ වටිනාකම ඔප්පු කර ඇති බවද එම X සටහනේ සඳහන් වේ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් විසින් තබන ලද X සටහන පහත දැක්වේ.