ජීවන් තොණ්ඩමන් මහින්ද බලන්න කාල්ටන් යයි
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ඉහළ පෙළේ නියෝජිතයින් ඊයේ (28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා පැවැත්වූහ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සහ එම කොංග්‍රසයේ මුදල් ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතපාණ්ඩි රාමේෂ්වරන් මහතා, තංගල්ල කෝල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
මෙම හමුවේදී, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමක් සිදුකර ඔහුගේ යහපැවැත්ම ගැන සාකච්ඡා කළ බව වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (28) මහින්ද රාජපක්ෂ මහතා හමුවී දීර්ඝ සාකච්ඡාවක නිරත වූහ.