පොලීසිය ඉස්සරහට ආව ඇමති තොණ්ඩමන් - කරපු දෙය නිසා සීතල නුවරඑළියත් හොඳ හැටි රත් වෙයි?..(VIDEO/PHOTOS)

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Politician Jeevan Thondaman Latest Headlines
By krishani Jun 01, 2024 01:28 PM GMT
krishani

krishani

Report

(01) නුවරඑළිය පොලිස් ස්ථානය අසල අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් විරෝධතාවයක නිරත විය.

පොලීසිය ඉස්සරහට ආව ඇමති තොණ්ඩමන් - කරපු දෙය නිසා සීතල නුවරඑළියත් හොඳ හැටි රත් වෙයි?..(VIDEO/PHOTOS) | Jeevan Thondaman In A Protest

එම විරෝධතාවය හේතුවෙන් නුවරඑළිය අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි නුවරඑළියට කැඳවා තිබූ බවට තොරතුරු වාර්තා වීය.

පසුගියදා අමාත්‍ය ජීවන් තොණ්ඩමන් නුවරඑළිය, පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට සිය ආධාරකරුවන් පිරිසක් සමග ගොස් එහි පාලනාධිකාරිය කාර්යාල අඩස්සියට ගෙන තිබුණි.

ඒ, එම තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වේ.

පොලීසිය ඉස්සරහට ආව ඇමති තොණ්ඩමන් - කරපු දෙය නිසා සීතල නුවරඑළියත් හොඳ හැටි රත් වෙයි?..(VIDEO/PHOTOS) | Jeevan Thondaman In A Protest

එයට එරෙහිව අද එම වතුයායේ පාලනාධිකාරිය විසින් නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එයට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස නුවරඑළිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

එලෙස විරෝධතාවයේ නියැලී සිටි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලීසිය තුළට පැමිණෙන ලෙසට නුවරඑළිය පොලීසියේ නිලධාරින් අවස්ථා කිහිපයක දී ඉල්ලිමක් සිදුකර තිබෙනවා.

නමුත්, එම ඉල්ලිම් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබූ බව සඳහන් වේ.

පසුව අමාත්‍යවරයා පොලීසිය තුළට ගොස් උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර පිටතට පැමිණ තිබෙනවා.

පොලීසිය ඉස්සරහට ආව ඇමති තොණ්ඩමන් - කරපු දෙය නිසා සීතල නුවරඑළියත් හොඳ හැටි රත් වෙයි?..(VIDEO/PHOTOS) | Jeevan Thondaman In A Protest

ඒ අනුව ඒ මහතා ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලනාධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කරගැනීමට එකඟතාවය පළ කළ බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු ආධාරකරුවන් පොලීසිය ඉදිරිපිටින් ඉවත් වී ඇත.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%