ගංවතුර අවදානම හමුවේ ජපානය සහ පිලිපීනය දැඩි අර්බුදයක - ජනතාවට ඉවත් වන ලෙස නියෝග
නැගෙනහිර ජපානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන් චිබා ප්‍රාන්තයට ඉතා අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පැය 24ක කාලයක් තුළ එහි ඇතැම් ප්‍රදේශවලින් මිලිමීටර් 367ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර චිබා ප්‍රාන්තයේ පැය 24ක් තුළ වාර්තා වූ ඉහළම වර්ෂාපතනය ලෙස සැලකුණේ 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ මිලිමීටර් 309ක වර්ෂාපතනයයි.
අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක මහාමාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
මේ අතර, ටෝකියෝහි නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටි මගීන් 7,000කට ආසන්න පිරිසකට අයහපත් කාලගුණ තත්ත්වය සහ ප්‍රවාහන කටයුතු අඩාල වීම හේතුවෙන් ගමනාන්ත වෙත යාමට නොහැකිව රාත්‍රිය පුරා ගුවන්තොටුපළේ රැඳී සිටීමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම සැලකිල්ලට ගනිමින් උතුරු පිලිපීනයේ රජයේ කාර්යාල සහ පාසල් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත්, ගංවතුර සහ අනෙකුත් ආපදා අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙසත් බලධාරීන් දැනුම් දී ඇත.