"අම්මා බලන්න මම යන්නේ නැහැ" - බැකෝ සමන් මවගේ මළගෙදර නොයෑමට හේතුව මෙන්න

Report

වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින නිර්මල ප්‍රසංග හෙවත් ‘බැකෝ සමන්’ සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, ඔහු එලෙස අවසන් ගෞරව දැක්වීම ප්‍රතික්ෂේප කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

බැකෝ සමන්ගේ මව ඉකුත් 12 වැනිදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

අදාළ ඝාතනය කරන්දෙණියේ සුද්දා නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, ගණේමුල්ලේ සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබේ.

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින බැකෝ සමන් දැනුවත් කර ඇත.

එහිදී සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගි වීම ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, බැකෝ සමන්ගේ සුවදුක් විමසීම සඳහා බන්ධනාගාරයට නොයන ලෙස කරන්දෙණියේ සුද්දා විසින් ඔහුගේ මවට මීට පෙර තර්ජනය කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම තර්ජන නොතකා ඇය සිය පුත්‍රයාගේ සුවදුක් විමසීම සඳහා බන්ධනාගාරයට පැමිණීමද මෙම ඝාතනයට හේතුවක් වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

වහාම නිවාසවලින් ඉවත්වන්නැයි මේ අයට ඊශ්‍රායලයෙන් දැනුම්දීමක් - විදුලිය සහ ජල සැපයුමත් කපා දමයි

වහාම නිවාසවලින් ඉවත්වන්නැයි මේ අයට ඊශ්‍රායලයෙන් දැනුම්දීමක් - විදුලිය සහ ජල සැපයුමත් කපා දමයි