ජපානයේ කොටසක් සෙල වෙයි - ජපානයම සලිත කළ ප්‍රබල භූමිකම්පාවෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට
නිරිතදිග ජපානයේ කොටසක් සෙලවූ ප්‍රබල භූමිකම්පාවෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජපාන අගමැතිනි සනේ ටකයිචි සඳහන් කරයි.
එමෙන්ම අතුරුදහන් වූවන් සොයා ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
දකුණු ප්‍රධාන දූපතක් වන කියුෂු හි කුමමොටෝ ප්‍රදේශයේ අඟහරුවාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක් ඇතිව තිබුණා.
ඒ අනුව ජපාන අගමැතිනි සනේ ටකයිචි සඳහන් කළේ, "තවමත් බේරා ගැනීමට බලා සිටින අය ඉන්නවා, ඒක කාලයට එරෙහි තරඟයක්. අපි හැකි තරම් මිනිසුන් සොයා බේරා ගැනීමට උපරිම උත්සාහයක් දරනවා." යනුවෙන්.
පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්
එසේම භූමිකම්පාවෙන් පීඩාවට පත් වූවන්ට උණුසුම් කාලගුණය යටතේ තමන් ගැන සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමින්, ටකයිචි විපතට පත් වූවන්ට සිය ශෝකය සහ ඔවුන්ගේ ඥාතීන්ට අනුකම්පාව පළ කර තිබුණා.
මේ අතර දැඩි ලෙස හානි වූ සාප්පු සංකීර්ණයක සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ජපානයේ ස්වයං ආරක්ෂක හමුදා ගලවා ගැනීමේ සේවකයින් සමඟ එක් වූ අතර ජලය ලබා දීමට සහ රෝගීන් මාරු කිරීමට උදව් කර ඇත.
එමෙන්ම දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවලට ආහාර සහ අනෙකුත් අවශ්‍යතා බෙදා හැරීමට ද රජය සූදානම් වන බව ද ජපාන අගමැතිනිය සඳහන් කළා.