වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට ස්ථාන මාරුවක්
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මින් ඉදිරියට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් රාජකාරි ඉටු කිරීමට නියමිත බව සඳහන්.