නොනවතින නඩුහබ..මෙහෙම ගියොත් නම් ලෝක වාර්තාවකුත් තියයි වගේ.. දොස්තර අර්චුනාට තවත් නඩුවක්..

Jaffna Parliament of Sri Lanka Sri Lanka Dr.Archuna Chavakachcheri
By Piyumika Dec 19, 2024 10:47 AM GMT
Piyumika

Piyumika

Report

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් යාපනය අධිකරණයේදී අපහාස නඩුවක් ගොනු කොට තිබෙනවා.

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි..

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි..

යාපනය මහ රෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක ටී.සත්‍යමූර්ති වෛද්‍යවරයාට අපහසාත්මක අයුරින් බැණවැදීම ආදී කරුණු සම්බන්ධයෙන් පසුගිය 17 වනදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි රෝහල් අධ්‍යක්ෂකවරයා මෙලෙස අපහාස නඩුවක් ගොනු කරනු ලැබුවේ.

අදාල නඩුව මගින් රෝහල් අධ්‍යක්ෂක වරයා පවසා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට බැණවැදීම, තර්ජනාත්මක ස්වරූපයෙන් මෙන්ම අපහාස කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් තමන්ගේ කිර්තිනාමයට හානිවීම හේතුවෙන් මෙලෙස අපහාස නඩුවක් ගොනු කොට රුපියල් මිලියන 100 ක වන්දියක් ලබා ගැනීමට නියමිත බවයි.

ADB ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සුබ ආරංචියක්..

ADB ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සුබ ආරංචියක්..

එමෙන්ම යපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේද, සමාජ මාධ්‍ය මගින් හා විවිධ ස්ථානවල සිට පාර්ලිමේන්තුව තුළද අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට මෙන්ම යපනය ශික්ෂණ රෝහලේ කීර්තිනාමයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කර ඇති බවටද රෝහල් අධ්‍යක්ෂක වරයා විසින් අදාල නඩුව ගොනු කරමින් පෙන්වා දී තිබෙනවා.

මේ වන විට අර්චුනා මන්ත්‍රීවරයාට එරෙහිව දිවයිනේ විවිධ පුද්ගලයින් විසින් නඩු 20 ක් පමණ ගොනු කොට තිබීමද විශේෂත්වයක්.

You may like this video

ReeCha