යාපනයේ උත්සවයක් ඛේදවාචකයකින් අවසන් වෙයි - ගිනිකෙළි හා අධි බලැති ලේසර් කිරණ නිසා දරුවන් සහ කාන්තාවන් 166ක් රොහල් ගත කරයි
By Malith Madushan
යාපනය, පණ්ඩතරිප්පු ප්‍රදේශයේ කෝවිලක ඊයේ (20) පැවති උත්සවයක් අතරතුර භාවිත කළ ගිනිකෙළි සහ අධි බලැති ලේසර් කිරණ හේතුවෙන් ඇස් ආබාධවලට ලක්වූ පුද්ගලයින් 166 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
රෝහල්ගත කළ පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන්ද සිටින බවයි වාර්තා වන්නේ. උත්සවය අතරතුර අධික ලෙස ගිනිකෙළි භාවිත කර ඇති අතර, එහි පැවති සංගීත ප්‍රසංගයේදී අධි බලැති ලේසර් කිරණද භාවිත කර ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් පුද්ගලයින් රැසකට ඇස් දැවිල්ල සහ පෙනීම දුර්වල වීම ඇතුළු රෝග ලක්ෂණ මතුවී තිබෙනවා. මූලික තොරතුරුවලට අනුව, ප්‍රතිකාර සඳහා පුද්ගලයින් 120 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලටත්, තවත් 46 දෙනෙකු තෙලිප්පලෙයි මූලික රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බව සදහන්වේ.