සරසවි සිසුවාට මරු කැදවූ බල්ලා..
ඊයේ (21) සරසවි සිසුවෙක් අවාසනාවන්ත අනතුරකට මුහුණදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.
යාපනය සරසවියේ කලා අංශයෙන් පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 22 හැවිරිදි රමේෂ් සගින්දන් නමැති යාපනය මානිපායි ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් මෙලෙස මියගොස් ඇත.
මෙම අනතුර සිදුවී ඇත්තේ, ඔහු ඊයේ (21) අලුයම නිර්වේලි ප්‍රදේශය දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සුනඛයෙකු යතුරුපැදියට පැනීම හේතුවෙනි.
පොලීසිය පැවසුවේ, එහිදී බරපතළ තුවාල ලද එම සිසුවා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.