කොස් ගෙඩිය වාර්තා පොත් අතරට යයි..ඔයාටත් මෙහෙම එකක් හමු උනොත් වහාම දැනුම්දෙන්න.
By Aruna
මෙරට කොස් ඵලදාව ඉහළ මට්ටමක පැවැතියත්, විශාලතම කොස් ගෙඩියට හිමි ගිනස් වාර්තාව දිනාගෙන ඇත්තේ ඉන්දියාව බව ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටිනවා.
ගිනස් වාර්තාව දිනාගැනීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කරන ලද කොස් ගෙඩියේ බර කිලෝග්‍රෑම් 42.72 ක් බවයි පැවසෙන්නේ.
ලංකාවේද ගම්බද ප්‍රදේශවල විශාල කොස් ගෙඩි දක්නට ලැබුණද, ගිනස් වාර්තාව සඳහා ඒවා ඉදිරිපත් නොකිරීම නිසා එම විශාලතම කොස් ගෙඩියට හිමිකම් කීමේ අවස්ථාව අහිමිව ඇත.
කොස් ගසේ පිරිමි ගෙඩිවලට කෘමි හානියක් ව්‍යාප්ත වීම නිසා එම ගෙඩි කුඩා අවදියේම විනාශ වන බවට ද තොරතුරු වාර්තා වනවා.
මේ දිනවල වෙළෙඳපොළේ පොළොස් ගෙඩියක් රුපියල් 40 ත් 50 ත් අතර තොග මිලකට අලෙවි කෙරුණද, පොළොස් කැබලි දහයක මල්ලක් අලෙවි කෙරෙන්නේ රුපියල් 100 ත් - 150 ත් අතර මිලකට වීමද විශේෂත්වයක්.
You May Like This Video