ITAK පක්ෂයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කරයි.. ලැබුණ කෙනා මෙන්න..
ඉලංකෙයි තමිල් අරුසු කච්චිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කර තිබෙනවා.
ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා එම ධූරය සඳහා නම් කර ඇත.
කෙසේ වෙතත්, පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චිය නියෝජනය කරමින් තරග කළ අයෙක් වේ.
මේ අතර, මෙවර මහමැතිවරණයේ දී එම පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කය ජය ගැනීමට සමත් විය.
ඒ අනුව,
1. සානක්‍යයන් රාසමාණික්‍යම් - 65,458
2. ඥානමුත්ති ශ්‍රීනේෂන් - 22,773
3. ඉලයතම්බි ශ්‍රීනාත් - 21,202