ඉස්සරහට දුර ගමන් යන එක ලේසි නැහැ

Report

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසන්නේ දුර ගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

හුටා...හනිමුන් දවසේ කඩා ගත්ත දේ... කියල වැඩක් නැහැ....

හුටා...හනිමුන් දවසේ කඩා ගත්ත දේ... කියල වැඩක් නැහැ....

ඒ අනුව මෙම වාර්තාව කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ ලබා ගත යුතු බව දන්වා ඇත.

මෙසේ තීරණයක් කර ඇත්තේ දුරගමන් සේවා බස් රථවලින් සිදුවන අනතුරු වළක්වා ගැනීමේ පියවරක් ලෙස බව ද පවසයි.

අද දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ ඒ අනුව ලබන අගෝස්තු 01 වන දින සිට එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බවයි.

එසේම එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මගී බස් රථවලට අගොස්තු 01 වන දින පටන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බවයි.

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

මෙම මාධ්‍ය හමුවට රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ද සහභාගී වූ අතර ඔහු සඳහන් කළේ එළඹෙන ජුලි පළමුවනදා සිට මගී බස් රථවල සවිකර ඇති අමතර උපාංග පිළිබඳව ද නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.