එළවළු සහ පළතුරු කන අයට දැඩි අනතුරු දායක තත්ත්වයක්..වම්බටු කනවනම් මේ ගැන අනිවාර්යෙන් දැනුවත් වන්න..

Report

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක පවතින බවට විශේෂ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

වෙළෙඳපොළෙන් ලබාගත් නැවුම් වම්බටු සාම්පලවලින් සියයට 23ක මිනිසාට අහිතකර කෘමිනාශක අවශේෂ තිබෙන බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශය විසින් කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී ඇත.

එළවළු සහ පළතුරු කන අයට දැඩි අනතුරු දායක තත්ත්වයක්..වම්බටු කනවනම් මේ ගැන අනිවාර්යෙන් දැනුවත් වන්න.. | It Dangerous For Those Who Eat Vegetables Fruits

එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර හා විද්‍යා තාක්ෂණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පියුම් ද ඒ අබේසුන්දර පරිසර යුක්ති කේන්ද්‍රයට සඳහන්කර ඇත්තේ, එළවළු සහ පලතුරු සිසිල් ජලයෙන් සෝදනවා වෙනුවට ඊට විනාකිරි හෝ ලුණු එකතුකර සේදීමෙන් මෙම පළිබෝධනාශක ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි.

එළවළු සහ පළතුරු කන අයට දැඩි අනතුරු දායක තත්ත්වයක්..වම්බටු කනවනම් මේ ගැන අනිවාර්යෙන් දැනුවත් වන්න.. | It Dangerous For Those Who Eat Vegetables Fruits

මෙහිදී අචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, එළවළු සහ පලතුරුවල පිටතින් ඇති පොත්ත ඉවත් කිරීම මගින් පහසුවෙන්ම විෂ රසායනිකයන් ආහාරය මතින් ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි.