විශ්‍රාමිකයිනුත් සේවයට.. පාස්පෝට් මෙපණක්?. නව රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Sri Lanka Cabinet Government Of Sri Lanka Passport National People's Power - NPP Nalinda Jayatissa
By krishani Feb 05, 2025 01:02 PM GMT
krishani

krishani

Report

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟ හරවා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

රජයෙන් වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න.. ඇමති නලින්ද අද හෙළි කළ දෙය මෙන්න..(VIDEO)

රජයෙන් වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න.. ඇමති නලින්ද අද හෙළි කළ දෙය මෙන්න..(VIDEO)

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට නියමිතය.

එමෙන්ම, එම සේවය ලබා දීමට අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා ද තීරණය කර තිබෙනවා.

ඒ එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමටයි.

එමෙන්ම, දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

You May Like This Video👇 

ReeCha