පලස්තීනුවන් 27 දෙනෙකුට මරු කැඳවු ඊශ්‍රායල ප්‍රහාරය

By Akash Apr 04, 2025 06:42 AM GMT
Report

ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 27 දෙනෙකු මිය ගොස් තවත් විශාල් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ උතුරු ගාසා තිරයේ අවතැන් වූ පවුල් නවාතැන් ගෙන සිටි පාසලක් ඉලක්ක කර ගනිමිනි.

දකුණු කොරියා ජනපතිට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි

දකුණු කොරියා ජනපතිට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි

විදෙස් වාර්තා සඳහන් කලේ මිය ගිය පිරිස් අතර ළමුන් සහ කාන්තාවන්ද සිටින බවයි.

ඊශ්‍රායල ප්‍රහාර වලින් පැය 24 ක කාලයක් තුල පලස්තීනුවන් 97 දෙනෙකු මියගොස් තිබෙනවා.

පලස්තීන භුමියේ විශාල ප්‍රදේශ අත්පත් කර ගැනීම සදහා තවදුරටත් ගොඩබිම් ප්‍රහාරයන් වැඩි කිරීමට කටයුතු කරන බවයි ඊශ්‍රායලය පවසන්නේ.